Gossips

දිවියා ඝාතනයේ සැකකරුවන් 10 ක් රිමාන්ඩ්

කිලිනොච්චි ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනෙකු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබු අතර අද 3 දෙනෙකු අධිකරණයට භාරවී තිබුනා.
පසුගිය 21 වනදායි කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයට පැමිණි දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් එක්ව ඝාතනය කර තිබුනේ.
එම සිද්ධියේ වීඩියෝ දර්ශණ උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය පොලිසියට නියෝගයක් ද කර තිබුනා.