Gossips

මල්ලාකම් ගැටුමට අත්අඩංගුවට ගත් 12 දෙනා යළි රිමාන්ඩ්

යාපනය – මල්ලාකම් ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
යාපනය – තෙලිප්පලෙයි ප්‍රදේශයේ පැවති විශේෂ දේව මෙහෙයක් අතරතුර ඊට සහභාගි වූ දෙපිරිසක් අතර, පසුගිය 17 වනදා මෙම ගැටුම හට ගත්තා.
එය සමථයකට පත් කිරීමට පොලිස් නිලධාරින් දෙදෙනෙකු උත්සාහ කළ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙක් එක් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ දැරුවා.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර ඉන් තෙලිප්පලෙයි – මල්ලාක්කම් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වුණා.