Gossips

නිව්යෝක් ටයිම්ස් පුවත ආණ්ඩුවේ සැලැස්මක් ද ? ඒකාබද්ධ විපක්ෂයට සැකයක්

පසුගිය ජනාධිපතිවරණ සමයේ චීන මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කළ වාර්තාව ආණ්ඩුවේ සැලැස්මක් ද යන්න පිළිබඳව සැක පළ වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළා.
එහිදී මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට අභියෝගයක් එල්ල කරමින් ඔහු කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපිට සුපුරුදු පරිදි රංගනයක නිරත වූ බවයි.
ඊ.ටී.අයි. ආයතනයේ මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී එහි තැන්පත්කරුවන් වෙනුවෙන් අදහස් හෝ පළ නොකළ නියෝජ්‍ය අමාත්‍යවරයාට හැකිනම් දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි එහිදී ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා අභියෝග කළේ.