Gossips

අතුරුදන් වූ දීගදන්තු සොයාගැනේ

කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටියදී අතුරුදන් වූ දීගදන්තු – 01 හස්තියා දින 10 කට පසුව කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිටියදී ඊයේ (28) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.
කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතුන් ගහණයේ සිටි විශාලම ඇතා වන දීගදන්තු – 01 නැමති මෙම සත්වයාගේ වම් පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් තුවාල ලබා සිටියා.
පසුගිය 18 වනදා සිට ඇතා අතුරුදන්ව සිටි අතර, පසුව කලාවැව, කහල්ල – පල්ලෙකැලේ, ගල්ගමුව, සහ රැස්වෙහෙර යන ප්‍රදේශවල රක්ෂිතයන්හි පසුගිය දින කිහිපය තුළම ඇතා සොයා මෙහෙයුම් සිදුකළා.
මේ වනවිට දීග දන්තුට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.