Gossips

මැතිවරණ කොමිසමේ වියදම කෝටි 24 කින් ඉහළට

ජාතික මැතිවරණ කොමිසමේ පසුගිය වසරේ වියදම රුපියල් කෝටි 24 කින් ඉහළ ගොස් තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය වසරේ ඡන්ද හිමි නාමලේඛණය ආයතන මට්ටමින් මුද්‍රණය කිරීමට අමතර රුපියල් කෝටි 03 ක් වැය වී ඇති බවයි වාර්තා වන්නේ.
එම මැතිවරණයේ මූලික කටයුතු සඳහා පුනරාවර්තන වියදම් රුපියල් කෝටි 21 ක් දැරීමට සිදුවීම හේතුවෙන් පසුගිය වසරේ වියදම මෙලෙස ඉහළ ගිය බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
එසේම, ඡන්දහිමි නාමලේඛණය පිළියෙල කිරීම සඳහා රුපියල් කෝටි 13 ක් වැය වී තිබෙනවා.
මේ අතර, පළාත් සභා මැතිවරණය සඳහා වියදම මෙතෙක් ගණනය කර නොමැති අතර, පාර්ලිමේන්තුව මගින් අනුමත කරන මැතිවරණ ක්‍රමයකට අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළා.