Gossips

බැසිල් හමුවෙන් පසු දහසයේ වෙනසක් – තීන්දුවක් ගන්නැයි නිදහස් පක්ෂය කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තමන් ඉදිරියේදී සහභාගි නොවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඊයේ (28) පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම, ලබන සඳුඳා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගිවීම සඳහා ආරාධනාවක්ද ලැබුණු බව ඊට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියා.
ඊයේ පස්වරුවේ පැවති මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ 09 දෙනෙකු සහභාගිව සිටි අතර, එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා සහ දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ඊට සහභාගි වී තිබුණේ නැහැ.
පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සාකච්ඡාවට සහභාගි වී සිටි නමුත් ඉන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළ කළේ නැහැ.