Gossips

ඉදිකෙරෙමින් පවතින වකුගඩු රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු අද නිරීක්ෂණය කළා.
රෝහලේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී බලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.
රුපියල් මිලියන 12,000 ක වියදමින් ඉදිකෙරෙන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලයි.
වකුගඩු රෝහල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පරාක්‍රම සමුද්‍රය ද නිරීක්ෂණය කළා.
එමෙන්ම, පොළොන්නරුව පූජා භූමියට පැමිණ සිටින ජනතාව සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඔවුන් තම ගැටලූ ද ඉදිරිපත් කර තිබෙනවා.