ගල්කිස්ස ප්රදේශයේ නිවසක අයිතියක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් එම ප්රදේශයේ ඊයේ පස්වරුවේ නොසන්සුන්තාවයක් හටගත්තා.
ඒ කිසියම් පිරිසක් පැමිණ අදාළ නිවසට අලාභ හානි සිදුකිරීමට උත්සාහ කිරීමේදී ප්රදේශවාසීන් ඊට මැදිහත් වීම හේතුවෙන්.
ගල්කිස්ස – රත්මලාන – වෙඩිකන්ද පාර ප්රදේශයේ පිහිටා ඇති නිවසක හිමිකාරිත්වය සම්බන්ධයෙන් මෙම ගැටලුව ඇතිවුණා.
ආරක්ෂක අංශයකට සම්බන්ධ බව කියමින් පැමිණි අදාළ පිරිස නිවසට අලාභ හානි සිදුකිරීමට උත්සාහ කිරීමේදී ප්රදේශවාසීන් ඊට ඉඩදුන්නේ නැහැ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ගල්කිස්ස පොලීසිය ප්රකාශ කළේ, මෙම නිවස සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සිදුවන බැවින් දෙපාර්ශ්වය ලබන සඳුදා කැඳවීමට පියවර ගෙන ඇති බවයි.