Gossips

මීලඟ නඩු දිනයට පෙර හානි වූ නිවසේ අළුත්වැඩියා අවසන් කරන්නැයි රංගේ බණ්ඩාර පුතුට නියෝග

බීමත්ව රිය පදවා නිවසකට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, අදාළ හානියට පත් නිවසේ අඩුපාඩු මෙතෙක් සම්පූර්ණ කර නොමැති බව අද අධිකරණයේදී අනාවරණ වුණා.
ඒ, මෙම රිය අනතුර සම්බන්ධයෙන් වන නඩුව හලාවත දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
නිවසට සිදුවු හානිය ඉවත් කිරීම යශෝධ රංගේ බණ්ඩාරට ඇප නියම කිරීමේදී එකඟ වූ කොන්දේසියක් බව සඳහන්.
එහෙත් ඉදිකිරීම් ද්‍රව්‍ය ගෙනවිත් තිබුණත්, ගල් වරි 04 ක් පමණක් බැඳ ඉදිකිරීම් නවතා දමා ඇති බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැන්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වැඩිදුර නඩු විභාගය ලබන මස 05 වැනිදාට කල් තැබූ විනිසුරුවරයා ඊට පෙර හානි පූර්ණ අවසන් කරන ලෙස චූදිත යශෝධ රංගේ බණ්ඩාරට නියෝග කළා.