Gossips

යාපනයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

යාපනය – මනිපායි ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසීය සදහන් කළේ අවුරුදු 70 ක් පමණ වූ මෙම කාන්තාව නිවසේ සිටියදී අද අලූයම කිසියම් පිරිසක් විසින් පැමිණ ඝාතනය කර ඇති බවයි.
මෙම කාන්තාව තනිව නිවසෙහි සිට ඇති අතර ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.