Gossips

නයිරෝබි වෙළද සංකීර්ණයක ගින්නකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

කෙන්යාවේ – නයිරෝබි අගනුවර වෙළද සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තවත් 60 දෙනෙකුට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්න නිවීමේ කටයුතු තවමත් සිදුවන අතර, එම මෙහෙයුම් අතරතුර ද සුළු ගිනි ගැනීම් වාර්තා වුණා.