බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි සහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද මෙලෙස වැසි තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.