Gossips

ඇවන්ගාඩ් නෞකාවේ අවි ගබඩාකරු සහ මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ්

ගාල්ල වරාය ආසන්නයේදී නැංගුරම්ලා තිබියදී අපරාධ පරීක්ෂණ භාරයට ගනු ලැබූ ඇවන්ගාඩ් නෞකාවේ අවි ගබඩාකරු සහ මෙහෙයුම් කළමනාකරු ලබන මස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ මොවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාවලට ඇප ලබාගත යුත්තේ මහාධිකරණයෙන් බවයි.
නීතිවිරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඇවන්ගාඞ් නෞකාව නාවික හමුදාව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවේ 2015 ඔක්තෝම්බර් 13 වනදායි.