Gossips

නගරය මැදට ගුවන් යානයක් කඩා වැටෙයි

ඉන්දියාවේ මුම්බායි හි සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුම්බායි හි Sarvodya Nagar ප්‍රදේශයේදී මෙම ගුවන් යානා අනතුර සිදුව ඇති ඇති බවයි.
සැහැල්ලු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවටයි එම වාර්තා සඳහන් කරන්නේ.
අද පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් අනතුර සිදුවූ ස්ථානය වෙත මේ වනවිට ගිනි නිවීම් ඒකක සහ ආරක්ෂක අංශ ලඟාවෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
rn