Gossips

විදුහල්පතිවරයෙකුට වන්දි ගෙවන්නැයි පේෂල ජයරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

අනුරාධපුර – නිවන්තකචේතිය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර්.පී.කේ. බණ්ඩාරට රුපියල් දෙලක්ෂ පනස් දහසක පෞද්ගලික වන්දි මුදලක් ගෙවන ලෙසට උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඒ, අදාළ විදුහල්පතිවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ඊවා වනසුන්දර, සිසිර ද ආබෲ සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරමින්.
2016 වසරේදී නීතිවිරෝධී ආකාරයට තමන්ට ස්ථාන මාරුවක් ලබාදීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
එමෙන්ම අදාල විදුහල්පතිවරයා මාස දෙකක් තුල යලිත් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත් කරන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණා.
ඊට අමතරව මෙම විදුහල්පතිවරයාට රුපියල් 50,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසටයි ත්‍රිපුද්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රජයේ පාර්ශවයට නියෝග කළේ.