Gossips

මහින්ද – කරූ හමුවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඊට පළාත්පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මෙන්ම පළාත් සභා සීමා නිර්ණ කොමිසන් සභාවේ නියෝජිතයින්ද එක්ව සිටියා.
මැතිවරණය පැවැත්වීමට පවතින බාධා සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී කථානායක කරූ ජයසූරිය සඳහන් කර ඇත්තේ ලබන දෙසැම්බර් මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවයි.
එමෙන්ම ලබන පස්වනදා පළාත් සභා සීමා නිර්ණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ යෝජනාවක්ද පැවැත්වෙන අතර, එහිදී මන්ත්‍රීවරුන් දක්වන අදහස් ද සීමානිර්ණ කටයුතු සඳහා උපයෝගී කරගන්නා බවයි පළාත් සභා සීමා නිර්ණ කොමිසන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.