Gossips

ලක්ෂ 47ක වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 47ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන චෙන්නායි සිට පැමිණි මෙම පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 320ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 ක් සහ හෂීස් ග්‍රෑම් 230 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු අවුරුදු 57 ක් වයසැති කන්කසන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.