Gossips

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා මියයයි

අභාවප්‍රාප්ත සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් මියගොස් තිබෙනවා.
පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදි ඔහු මියයනවිට 89 වන වියේ පසුවුණා.
ජෝ ජැක්සන් ප්‍රසිද්ධ පොප් ගායිකා ජෙනට් ජැක්සන්ගේද පියාණන් වනවා.
මේ අතර බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානය යොමුව ඇත්තේ ඔහු මියයාමට පෙර අවසන් වරට සිදුකළ ප්‍රකාශයක් වෙතයි.
ලොව පුරා ජනප්‍රිය වූ තරු බිහිකිරීමට තමන් වාසනාවන්ත වීම පිළිබඳව ආඩම්බර වන බවයි Joe Jackson අවසන් වරට ප්‍රකාශ කළේ.