Gossips

රුපියල් ලක්ෂ 50 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයෙකු පිටකොටුව බස් නැවතුම්පල අසළ නවාතැන්පලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මොහු 31 හැවිරිදි පමුණුගම – වැලිකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කාන්තාවන් රවටා විවාහ කරගන්නා බවට ව්‍යාජ පොරොන්දු ලබාදීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා.
සැකකරු කොළඹ, මීගමුව, කඳාන සහ පමුණුගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 50 කට ආන්න මුදලක් වංචනිකව ලබගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.
සැකකරු ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ප්‍රදේශවාසීන්ගෙන් ණයට මුදල් ලබාගෙන කැසිනෝ ක්‍රීඩාවේ යෙදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.