Gossips

ඩබ්.ඩී.ජේ. දහසයේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය ගැන අවධානයෙන්

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම දේශපාලන වශයෙන් ක්‍රියාකාරී විය යුතු බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමේදී වැඩි සහයෝගයකින් ක්‍රියාකළ යුතු බවයි.
එමෙන්ම ජනතාව වෙනුවෙන් මීට වඩා කැප කිරීම් සිදුකිරීම දහසයේ කණ්ඩායමේ වගකීමක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.