Gossips

උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්

උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.
ඊට අදාළව පිරිනැමෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 158 ක්.
ඒ අනුව පේදුරුතුඩුව සහ පේසාලේ ධීවර වරායන් දෙකක් ඉදි කෙරෙන අතර, යාපනය – මණ්ඩතිව් හි නැංගුරම් පොලක්ද ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා.
යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ධීවර තොටුපල 8 ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර තොටුපල 6 ක් සහ කිලිනොච්චියේ තොටුපල 3ක් ද මෙහිදී සංවර්ධනය කෙරෙනු ඇති.