Gossips

දීගදන්තු සොයන මෙහෙයුමට එස්.ටී.එෆ්. සහය

වෙඩි වැදී බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී අතුරුදන්වූ දීගදන්තු – 01 ඇතා සොයා වනජීවී නිලධාරීන් සිදුකරන මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහය ලබාගෙන තිබෙනවා.
ගල්කිරියාගම වනජීවී නිලධාරී ඞී. රාමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කලාවැව ජාතික වනෝද්‍යානය තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.
කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතය තුළත්, ගල්ගමුව සහ රැස්වෙහෙර වනජීවී ප්‍රදේශවලත් මෙම ඇතා සොයා දිවා – රාත්‍රි මෙහෙයුම් සිදුකළද එම සත්වයා සොයාගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වූයේ නැහැ.
මේ හේතුවෙනුයි අද දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව කලාවැව ජාතික වනෝද්‍යානය තුළ මෙම මෙහෙයුම වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කර ඇත්තේ.