Gossips

පොකුණකට වැටී කුඩා දරුවෙක් මියයයි

සුරතල් මසුන් ඇති කරන කුඩා පොකුණකට වැටී වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු මියගිය පුවතක් හබරාදූව – කොක්වත්ත ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයෙන් වාර්තාවුණා.
එහි පොකුණකට වැටී ඊයේ මෙලෙස මියගොස් ඇත්තේ වංචාවල – අත්තරගොඩ පදිංචිගොඩ කුඩා දරුවෙක්.
පොකුණ අසළ තිබූ කුඩා බාල්දියකින් වතුර ගැනීමට උත්සාහ කිරීමේදී දරුවා පොකුණට වැටී ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මියගිය දරුවා විහාරාධිපති හිමියන්ගේ ඥාති පුත්‍රයෙකු බවද සඳහන්.
පොකුණ අඩි තුනහමාරක පමණ ගැඹුරකින් යුක්ත වන අතර දෙමාපියන් සමඟ විහාරස්ථානයට ඊයේ පැමිණි අවස්ථාවේදී දරුවා මෙම අනතුරට ලක්ව තිබෙනවා.