Gossips

ඇමති සොයිසා අනුශාසනා ගැන කියයි

අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහභාගි වූ වැඩසටහනකදී, අනුශාසනාවක් කෙටි කරන ලෙස කළ දැනුම්දීමක්, මහා සංඝ රත්නයේ දෝෂාරෝපණයට ලක්වුණා.
දිළිඳු පවුල් සඳහා වියලි සලාක බෙදාදීමේ මෙම වැඩසටහන පැවැත්වුණේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදියි.
එහි වැඩම කර සිටි දඹුල්ල – අතුරුපයාය – ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති පූජ්‍ය අලූත්ගම උපනන්ද හිමියන් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අනුශාසනාවක් සිදුකරන අතරතුර එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අනුශාසනාව කෙටි කරන ලෙසට දන්වා තිබෙනවා.