Gossips

උතුරු කොරියාවේ තවමත් න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරන බව හෙළිවේ

උතුරු කොරියාව තුල තවදුරටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා වන ක්‍රියාකාරකම් සිදුවන බව ඒ පිළිබද සොයා බැලිමේ කටයුතුවල නිරත නිරික්ෂකයින් ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකාව සහ උතුරු කොරියාව අතර පසුගියදා සිංගප්පුරුවේදි පැවති සාකච්ජාවලදි න්‍යෂ්ටික කටයුතුවලින් ඉවත් වන බවටයි උතුරු කොරියානු නායකයා එකඟවුණේ.
එහෙත් අදාල කටයුතුවලින් ඉවත්වන නිශ්චිත කාලසීමාව කුමක්ද යන්න උතුරු කොරියාව එහිදි ප්‍රකාශ කර නොමැති බව නිරික්ෂකයින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.