යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 
ඒ, ඔහු මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
22 හැවිරිදි සැකකරු ඝාතනයට ලක්වූ දැරියගේ ඥාතියෙකු වන අතර, ඔහු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත්තේ  සුළිපුරම් – කාට්ටුපුලම් ප්‍රදේශයේදියි.
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පෙරේදා මෙම දැරියගේ මළ සිරුර සොයාගත්තා. 
  
  
  
  
  
  
  
  
  
 
(ඡායාරූප වවුනියාව – මාධව කුලසූරිය)



