Gossips

ඉන්ධන මිල යාවත්කාලීන කිරීමට කමිටුවක්

පෙර මාස දෙකෙහි ජාත්‍යන්තර මිල ගණන් මත පදනම්ව තුන්වන මාසයේ පස්වන දිනට පෙට්‍රරල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීමට අදාළව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය වඩාත් විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම සඳහා නිල කමිටුවක් පත්කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
භාණ්ඩාගාරය සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් එම කමිටුව සඳහා පත්කර තිබෙනවා.
ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වාදීමට සහ එය පසුගිය මැයි 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබාදුන්නේ.