Gossips

ප්‍රබල බ්‍රසීලය අද තරග බිමට

රුසියාවේ පැවත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාලව අද (27) දිනයේත් තරග 04ක් පැවැත්වෙනවා.
මෙක්සිකෝව – ස්විඩනය සමගත්, දකුණු කොරියාව ජර්මනිය සමගත් තරග වදින අතර, ස්විස්ටර්ලන්තය – කොස්ටරීකා කණ්ඩායම සමග අද තරග බිමට පිවිසෙනු ඇති.
සර්බියාව අද තරග වදින්නේ ප්‍රබල බ්‍රසිල කණ්ඩායම සමගයි.
ඊයේ පැවති තරග අතුරින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.
ඒ, නයිජිරියානු කණ්ඩායම ගෝල 2 ට බිංදුවක් ලෙස පරාජයට පත් කරමින්.
අයිස්ලන්තයට එරෙහිව පැවති තරගයේ දී දඩුවම් පහර සාර්ථක කර ගැනිමට නොහැකි වීම නිසා කතාබහට ලක්වු සුපිරි ක්‍රීඩක ලියනෝල් මෙසි නයිජිරියාවට එරෙහිව ඊයේ පැවති තරගයේදි ආර්ජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් පලමු ගෝලය වාර්තා කලේ තරගයේ 14 වන මිනිත්තුවේදියි.
කෙසේ වෙතත්, තරගයේ 49 වන මිනිත්තුවේදි දඩුවම් පහරක් සාර්ථක කරගැනිමට නයිජිරියානු කණ්ඩායම සමත් වු නමුත් තරගයේ 86 වන මිනිත්තුවේදි නැවතත් ආර්ජන්ටිනාව ගෝලයක් ලබා ගනිමින් තරගයේ ජය ලබා ගත්තා.
ඊයේ දිනයේදි අයිස්ලන්තය – ක්‍රොඒෂියාව හමුවේ ගෝල 2 ට එකක් ලෙසත්, ඕස්ට්‍රේලියාව ගෝල 2ට බිංදුවක් ලෙස පේරු රාජ්‍ය හමුවේත් පරාජයට පත්වුණා.
ඩෙන්මාර්කය සහ ප්‍රංශය අතර පැවති තරගයේදී දෙපිලටම ගෝල ලබා ගැනිමට නොහැකි වීමෙන් තරගය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.