Gossips

උදයංග පැමිණීමට මසක් පමණ ගතවන බව හිටපු ජනපති කියයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන බවට තමන් ප්‍රකාශ කළේ ආණ්ඩුවට සහය දැක්වීමේ අරමුණින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කතරගම – කිරිවෙහෙර පුදබිමට ඊයේ (26) පස්වරුවේ පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා තවත් මසක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
අධ්‍යාපනය ලබන ඔහුගේ දරුවන් පාසල් වලින් ඉවත් කර ගැනීමට කාලය ගත වන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.