Gossips

පැය 4 ක මෙහෙයුමකින් පුද්ගලයින් 2322 ක් අත්අඩංගුවට

දිවයින පුරා පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 423 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ රාත්‍රි 10 සිට 12 දක්වා සහ අද අලූයම 3 සිට 5 දක්වා මෙම මෙහෙයුම සිදුකෙරුණු අතර, ඊට එක්වූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව 14,070ක්.
මෙහිදී බීමත් රියදුරන් 650 ක් , විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 635 ක් , නීතිවිරෝධී ගිනි අවි ළග තබා ගත් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
එසේම, හෙරොයින් සහ විෂ මත්ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයින් 531 ක්, බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ සහ අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයින් 78 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
එසේම, මෙම මෙහෙයුමේදී රථ වාහන නඩු 5254 ක් ලබා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.