Gossips

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 55 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.