Gossips

කුලී නිවාසවල සිටින අයටත් ඡන්ද අයිතිය

ඡන්ද හිමි නාමලේඛනයට සිය නම ඇතුළත් කිරීම සඳහා කුලී නිවාසවල ජීවත්වන ජනතාව දිරි ගන්වන ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (26) හමුවීමෙන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.