Gossips

බදු උපදෙස් ක්‍රමය ප්‍රමිතියට අනුකූලයි – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

බදු අයකිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය ලොව පිළිගත් නියමයන්ට අනුකූලව සිදුවන්නක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කිරීමට අමතරව උපදෙස් ලබාදීමටත් ගාස්තු අයකරන ආයතනයක් බවට පත් කර ඇති බවයි.
මීට අදාළ ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් මස 1 වනදා නිකුත් කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
අංක 2064 – 64 දරණ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් නියම කර ඇත්තේ යම් බදු ගෙවන්නෙකු විසින් පෞද්ගලික රීති නියමයන් සඳහා ඉල්ලූම් කර ඇති අවස්ථාවේදී ගාස්තු ලෙස රුපියල් 25,000 ක මුදලක් අය කිරීමටයි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලලිත් අයිවන් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.