Gossips

යාපනයේ හය හැවිරිදි දැරියගේ ඝාතන සැකකරු 22 හැවිරිදි ඥාතියෙක් බවට හෙළිවේ (ඡායාරූප)

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ඥාතියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (26) පස්වරුවේ 22 හැවිරිදි සැකකරු සුළිපුරම් – කාට්ටුපුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පෙරේදා (25) දැරියගේ මළ සිරුර සොයාගත් අතර, යාපනය රෝහලේදී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂනයේදී අනාවරණ වූයේ ඇයගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි.
පෙරේදා පාසල් ගොස් නැවත නිවස වෙත නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව සිදුකළ සොයා බැලීමකදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබී සොයාගත්තා.
මේ අතර ඝාතනයට ලක්වු ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ අවසන් කටයුතු දෙමාපියන්, ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද ඊයේ (26) සවස යාපනය, සුළිපුරම්, තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදුකරනු ලැබුවා.

ඡායාරූප -වවුනියාව, මාධව කුලසූරිය