Gossips

තඹුත්තේගමින් 500යේ ව්‍යාජ මුදල් නෝට්ටු 42ක්

තඹුත්තේගම – දෙවන පියවර ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ ලොරි රථයකින් රුපියල් 500යේ ව්‍යාජ නෝට්ටු 42ක් හමුවී තිබෙනවා.
ගරාජයක් තුළ හෙරොයින් ඇති බවට තඹුත්තේගම පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදීයි අලූත්වැඩියාවක් සදහා නවතා තිබූ අදාළ ලොරි රථයේ යට කොටසෙහි එල්ල තිබූ බෑගයක තිබී මෙම ව්‍යාජ නෝට්ටු හමුවී ඇත්තේ.
එමෙන්ම මෙම ලොරි රථය අසළ නවතා තිබූ තවත් මෝටර් රථයක පිටතින් එල්ල තිබූ බෑගයක තිබී හෙරොයින් මිලිග්‍රෑම් 300ක් ද පොලීසිය සොයා ගත්තා.