2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට අද මුදල් ප්‍රදානයක් සිදු කෙරුණා.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින්.
2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව අද ජනාධිපතිවරයා හමුවුණේ ජනාධිපති කාර්යාලයේදී.
ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගත් පාරමී වසන්ති දැරියට ජනාධිපතිවරයා මෙහිදී ආශිර්වාදය පළකර ඇගේ ඉදිරි ක්‍රීඩා දිවිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකළා.
මෙම දැරිය සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යන්නේ ආර්ථික අපහසුතා රැසක් මධ්‍යයේයි.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දැරියගේ ඉදිරි ක්‍රිඩා කටයුතු ස දහා මෙන්ම පවුලේ ජිවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීම සදහා ද සහය ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.