Gossips

හිරු ශ්‍රද්ධාභිවන්දනාව හෙට කිරිවෙහෙරේදී

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් හෙට උදාවන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන්, හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය ඵෙතිහාසික රුහුණු කතරගම කිරි වෙහෙර පුදබිමේදී පැවැත්වෙනවා.
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීම මෙන්ම කිරිවෙහෙර සෑ රදුන් උදෙසා මහා පිංකම් මාලාවක් එහිදී සිදුකෙරෙන්නේ තවත් ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් රැසකට මුල්තැන දෙමින්.
සිරිලකට බුදු දහම උරුම වූ පිංබර පොසොන් පුන් පොහොය දිනය වෙනුවෙන් හිරු ශ්‍රද්ධාභිවන්දනා අසදෘෂ මහා පුණ්‍යකර්මය මෙවර පැවැත්වෙන්නේ ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියසදීයි.
බුද්ධාභිවන්දනාව උදෙසා දැහැමි සිත් පෙරදැරිව හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන හෙට උදෑසන හයට ආරම්භ වන අතර, එය සජීවි ලෙස හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ඔස්සේ විකාශය වීමට නියමිතයි.
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ මා හැඟි පිංකම හිරු ශාසනාවතරණය මෙවර පස්වන වරටත් කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වෙනවා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු ශාසනාවතරණය මහා පිංකමේදී මෙවර සඟ සසුනට පූජා කෙරෙන කුල දරුවන් සංඛ්‍යාව 15 ක්.
කිරිවෙහෙර පුදබිමේදී භික්ෂූණ් වහන්සේ 200 නමක් විෂයෙහි මහා සාංඝික දානමය පුණ්‍ය කර්මයක්ද හෙට දිනයේදී සිදුකිරීමට නියමිතයි.
සද්ධර්මය අභිෂේක ගන්වනු වස් මොණරාගල දිසාවේ සියලූම පිරිවෙන් සඳහා ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පූජා කිරීමේ මහාභිධාන පුණ්‍ය කර්මයක්ද එහිදී සිදු කෙරෙනවා.
ඵෙතිහාසික පූජණීය කිරිවෙහෙර වහන්සේ වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා සුවඳ දුමින් නැහැවීමේ මහාභිධාන පුණ්‍ය කර්මයද හෙට පස්වරුවේ සිදු කිරීමට සියලූ කටයුතු සූදානම් කර අවසන්.