Gossips

ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක ගැටී විදේශිකයෙක් මරුට

වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් විදේශීය සංචාරකයෙකු මරණයට පත්වී තිබෙනවා.
අද උදෑසන 9.50 ට පමණ විදේශිකයන් පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ නතර කර තිබියදී එහි සිටි සංචාරකයෙකු ඡායාරූප ගැනීම සඳහා මාර්ගය හරහා ගමන් කර තිබුනා.
එහිදීයි වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් ගත් බස් රථයක එම සංචාරකයා ගැටී ඇත්තේ.
අනතුරින් බරපතල තුවාල ලැබු ඔහු වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ 78 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙක්.
මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.