Gossips

කේරළ ගංජා සහ මත්පෙති සමග කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 83 ක් සහ නීති විරෝධී මත්පෙති 1400 ක් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැනුනා.
ඒ කොටහේන අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේදීයි.
පිටකොටුව පොලිසියට ලැබුනු තොරතුරකට අනුව අද අලුයම වැටලීම සිදුකර තිබුනා.
අවුරුදු 35 ක් වයසැති මෙම සැකකාරිය කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.