Gossips

අනතුරට පත් වෙළඳ නෞකාවක සිටි පිරිසක් නාවික හමුදාව බේරාගනී

කොළඹ වරායට නාවික සැතපුම් 11 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබූ වෙළඳ නෞකාවක සිටි කපිතාන්වරයෙකු ඇතුලූ නාවිකයින් 11 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබෙනවා.
ඩොමිනිකා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම වෙළඳ නෞකාව එහි කපිතාන්වරයාට පාලනය කරගත නොහැකිව වම් පසට බරවී ඇති බවට නාවික හමුදාව වෙත පණිවුඩයක් ලැබී තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ප්‍රහාරක යාත්‍රා දෙකක් උපයෝගී කරගනිමින් නෞකාව තුළ සිටි පිරිස මුදාගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මුදාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයෙකුද සිට ඇති අතර නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කර ඇත්තේද ශ්‍රී ලාංකිකයෙක්.