Gossips

යාපනයේ ළිඳකින් හමුවූ පාසල් දැරියගේ මරණයට හේතුව හෙළිවෙයි (ඡායාරූප)

යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණ වී තිබෙනවා.
මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී පැවති අතර එහිදී හෙළිවී ඇත්තේ දැරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.
ඊයේ සවස පාසල් නිල ඇඳුමකින් සැරසී සිටි දැරියගේ සිරුර සොයා ගැනුනේ ඇය පාසල නිමවී නිවසට නොපැමිණීම පිළිබඳ කළ සොයා බැලීමකදීයි.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය සුළිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 6 හැවිරිදි දැරියක්.
ඊයේ සවස ළිඳෙන් ගොඩට ගැනුනු දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රොහලට යොමුකර තිබුනා.
අද පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ගෙළ සිර කිරීමෙන් ඇයගේ මරණය සිදුව ඇති බවයි.
සිද්ධියට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
මේ අතර දැරියගේ ඝාතකයන් සොයා ඔවුන්ට දඩුවම් ලබාදෙන්නැයි ඉල්ලා එම දැරිය අධ්‍යාපනය ලැබූ පාසලේ සිසු දරු දැරියන් සහ දෙමව්පියන් අද විරෝධතාවක ද නිරතවී තිබෙනවා.


ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය