දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා.
එහි සභාපති සරත් විජිත කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසමේ බලධාරීන් සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
