එල්.ටී.ටී.ඊ. සංවිධානය වළදමා තිබූ අවි ආයුධ තොගයක් තමිල්නාඩුවේ – රාමනාදන්පුරම් – සේවගේ වැව අසළ තිබී ඉන්දීය පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.
ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ දස දහසක්, රොකට් උණ්ඩ 400 ක් සහ අත්බෝම්බ 24 ක් මෙලෙස සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
