Gossips

නීතිවිරෝධී රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී අන්දමින් මුදල් එක්රැස් කළ පුද්ගලයෙකු විදේශසේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී විදෙස් ගමන් බලපත්‍ර 49ක්ද සොයා ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මැදපෙරදිග රටවලට රැකියා ලබාදෙන බව පවසමින් තම නිවසේ විදේශ රැකියා ඒජන්සියක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා.
සැකකරු විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් මෙලෙස කොපමණ මුදලක් ලබාගෙන ඇත්ද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.