Gossips

පුහුණුකරු සමඟ ලෙන් සංකීර්ණයකට ඇතුල් වූ පාපන්දු කණ්ඩායම එක්වරම අතුරුදන් වෙයි

තායිලන්ත ලෙන් සංකීර්ණයක අතරමංවූ පාපන්දු කණ්ඩායම සොයා අදත් මෙහෙයුම්
උතුරුදිග තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ වනගතව පිහිටි ලෙන් සංකීර්ණයක සිරවූ ළමා පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
වයස අවුරුදු 11 ත් 16 ත් අතර ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරුයි මෙලෙස කිලෝමීටර 10 ක් පමණ දිගැති මෙම ලෙන් සංකීර්ණයේ අතරමංවී ඇත්තේ.
වර්ෂාව ඇද හැලීම නිසා ජල ගැලීමට ලක්වීමෙන් ඔවුන් එහි සිරවී ඇතැයි විශ්වාස කෙරෙනවා.
කෙසේ නමුත් එහි ඔක්සිජන් ප්‍රමාණය ඉතා සීමිත බව සඳහන්. මෙම ලෙන් සංකීර්ණයේ මීටර 700 කින් ඔබ්බට ගමන් කිරීමට සංචාරකයන්ට අවසර නොමැති වුවත් මෙම ළමා පාපන්දු කණ්ඩායම එය අභිබවා ගොස් ඇති බවයි ලෙන් සංකීර්ණය පිහිටි වනෝද්‍යානයේ භාරකරු සඳහන් කළේ.