Gossips

ප්‍රධාන ශිෂ්‍ය නායකයාට පහරදී ඝාතනය කළ සිසුන් ළමා නිවාසයකට

හලාවත – සවරාන මුස්ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ලවන එම විද්‍යාලයේම 10 වන ශ්‍රේණියේ සිසුන් තුන්දෙනා ලබන මස 3 වනදා දක්වා රජයේ ළමා නිවාසයක රඳවන ලෙස අද නියෝග කෙරුණා.
ඒ, සිද්ධියට අදාළ නඩුව හලාවත දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.
පහරදීමේ චෝදනා එල්ලවූ සිසුන් තුන්දෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන දෙදෙනෙකු ඇප මත මුදාහැර තිබූ අතර, අනෙක් සිසුවා ළමා නිවාසයක රඳවා තිබුණා.