Gossips

දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකර ගනී

තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට අද දහවල් 12.20 ට පමණ මෙම පුද්ගලයා පැන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක පමණ අයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිරුර ළිඳුල රෝහලේ තැන්පත් කර ඇති අතර තලවකැලේ පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.