Gossips

16යේ කණ්ඩායම විමල් හමුවෙයි

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම, අද ජාතික නිදහස් පෙරමුණ හමුවනවා.
16යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිතයින් හමුවී ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කරන බවයි.
අද පස්වරු 1ට මෙම සාකච්ඡාව ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය සිකුරාදා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර තිබුණා.