Gossips

ඡන්ද ප්‍රකාශය සියයට 60 ඉක්මවයි

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රකාශය සියයට 60 ඉක්මවා තිබෙනවා.
මැතිවරණ කොමිසමයි මේ බව කියාසිටියේ.
උදෑසන 7 ට ආරම්භ වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් වුනා.
මාතලේ දිස්ත්‍රික්කයේ සියයට 80 ක් පමණ ඡන්දය ප්‍රකාශ වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම් සඳහන් කළේ.
අනුරාධපුර, කලුතර, මොණරාගල සහ ගාල්ල දිස්ත්‍රික්වල සියයට 75 ක් පමණ ඡන්දය ප්‍රකාශ වී තිබෙනවා.
මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය සියයට 70 ක් වන බවයි දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළේ.
පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම මධ්‍යස්ථාන 13,374 කදී පැවැත්වුනා.
දේශපාලන පක්ෂ 43 කින් සහ ස්වාධීන කණ්ඩායම් 222 කින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 57,095 ක්.
ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 3615 ක් ඡන්ද ප්‍රකාශයට සුදුසුකම් ලබා සිටියා.