අද පස්වරු 4ට ඡන්දය ප්රකාශ කිරීම අවසන්වීමත් සමඟ ඡන්දය ගණනය කිරීම ආරම්භ වී තිබෙනවා.
දිස්ත්රික්ක රැසක තේරීම් භාර නිලධාරීවරුන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අද පස්වරු 4.30ට පමණ ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ වූ බවයි.
සමස්ථයක් ලෙස දිවයිනේ ඡන්දය ප්රකාශ කිරීම සියයට 60 ඉක්ම වන බවයි තේරීම් භාර නිලධාරීන් තවදුරටත් සඳහන් කළේ.
කළුතර, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්රික්කවල සමස්තයක් ලෙස ඡන්දය ප්රකාශ කිරීම සියයට 75ක මට්ටමක පවතිනවා.
මාතර සහ අම්පාර ඡන්දය ප්රකාශ කිරීම සියයට 70යි.
මාතලේ දිස්ත්රික්කයේ ඡන්දය ප්රකාශ කිරීම සියයට 80ක් බවයි දිස්ත්රික් තේරීම් භාර නිලධාරීවරයා කියා සිටියේ.
අද උදෑසන 7 සිට මේ දක්වා කාලය තුළ පැෆ්රල් සංවිධානය වෙත මැතිවරණයට සම්බන්ධ සිද්ධීන් 142ක් වාර්තා වී තිබෙනවා.
ඒ අතරින් ප්රචණ්ඩ ක්රියා 10ක් වාර්තා වී ඇති බවයි එම සංවිධානය හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.